ක්‍රි.ව 1193 ඉක්තියාර් උද්දීන් මුහම්මද් බින් බක්තියාර් නොහොත් ෆේරෝ
ෂා, තම පර්සියානු ධවල අසුපිට නැගුනේ සිය ඡත්‍රයේ ලෝහාවෙෂයෙන් තුන්ලොවක්
නිවන් තොටිල්ලේ නැලවූ, ශාන්ති වාදයක්
පෝරුගා දමන බවට සපත කරවමිනි. 40000ත් 60000ත් අතර වෙතැයි ගණන් බලා තිබූ
මොහුගේ අශ්වාරෝහක සේනාවෝද, තුර්කි, පර්සි මිෂ්‍ර සම්බවත්ව, 200000ක පමන,
රිය, පාබල ධනුද්දර සේනාවෝද අස්තාවර ප්‍රාදේෂීය නායකයන් වෙතින් ආ දුර්වල,
ප්‍රතිරෝධය තලා දමමින්, කුර පහරින් නැගුනු ධූලි වලා මැද, ජම්ඹුද්වීපයට
ඇතුල් වූහ. බිහාරයෙන් ඇරඹි භාරතයේ නගරයෙන් නගරය ඔවුන්ගේ පාසඟල හමුවේ වැටුනේ
විදුලි වේගයෙනි. එය හිරු සඳු මෙතෙක් නොදුටු තරමේ සංහාරයක් විය.
ෆෙරෝස්ගේ අසිපත කදින් වෙන්කළ හිස්ගෙඩි රහිත මළකඳන් තවමත් පන ගැහෙද්දී
නාලන්දාව ඔවුහූ වටකරගත්තේය. නාලන්දා බොදු සරසවියට පිවිසි ෆෙරොෂා, එහි එවකට
මහා සංඟ නායක වූ ශාක්‍යභද්‍ර මහ තෙරුන් වහන්සේ පනවා, "මෙහි අල් කුරානයේ එක්
පිතපතක්වත් ඇත්දැයි" විමසුවේය. ඉතා සන්සුන්ව මේ සැහසියාට පිළිතුරුදුන් සංඟ
නායකයානෝ "හිතවත මෙහි එවැන්නක් නැත" කී බව ඉතිහාසයේ සඳහන් වේ. "එසේ නම් මේ
ස්ථානය විශ්වාස නොකරන ජඩයන්ගේ ස්ථානයක් බැවින් මිහිමත නොතිබියයුත්තකි".
ෆෙරොෂාගේ ප්‍රතිචාරය එය විය.