Total Pageviews
Thursday, June 19, 2014
තුන් ලොවක් කැළඹූ මුස්ලිම්වරුන්ගේ නාලන්දා භික්‍ෂූ සංහාරය...
ක්‍රි.ව 1193 ඉක්තියාර් උද්දීන් මුහම්මද් බින් බක්තියාර් නොහොත් ෆේරෝ ෂා, තම පර්සියානු ධවල අසුපිට නැගුනේ සිය ඡත්‍රයේ ලෝහාවෙෂයෙන් තුන්ලොවක් නිවන් තොටිල්ලේ නැලවූ, ශාන්ති වාදයක් පෝරුගා දමන බවට සපත කරවමිනි. 40000ත් 60000ත් අතර වෙතැයි ගණන් බලා තිබූ මොහුගේ අශ්වාරෝහක සේනාවෝද, තුර්කි, පර්සි මිෂ්‍ර සම්බවත්ව, 200000ක පමන, රිය, පාබල ධනුද්දර සේනාවෝද අස්තාවර ප්‍රාදේෂීය නායකයන් වෙතින් ආ දුර්වල, ප්‍රතිරෝධය තලා දමමින්, කුර පහරින් නැගුනු ධූලි වලා මැද, ජම්ඹුද්වීපයට ඇතුල් වූහ. බිහාරයෙන් ඇරඹි භාරතයේ නගරයෙන් නගරය ඔවුන්ගේ පාසඟල හමුවේ වැටුනේ විදුලි වේගයෙනි. එය හිරු සඳු මෙතෙක් නොදුටු තරමේ සංහාරයක් විය.
ෆෙරෝස්ගේ අසිපත කදින් වෙන්කළ හිස්ගෙඩි රහිත මළකඳන් තවමත් පන ගැහෙද්දී නාලන්දාව ඔවුහූ වටකරගත්තේය. නාලන්දා බොදු සරසවියට පිවිසි ෆෙරොෂා, එහි එවකට මහා සංඟ නායක වූ ශාක්‍යභද්‍ර මහ තෙරුන් වහන්සේ පනවා, "මෙහි අල් කුරානයේ එක් පිතපතක්වත් ඇත්දැයි" විමසුවේය. ඉතා සන්සුන්ව මේ සැහසියාට පිළිතුරුදුන් සංඟ නායකයානෝ "හිතවත මෙහි එවැන්නක් නැත" කී බව ඉතිහාසයේ සඳහන් වේ. "එසේ නම් මේ ස්ථානය විශ්වාස නොකරන ජඩයන්ගේ ස්ථානයක් බැවින් මිහිමත නොතිබියයුත්තකි". ෆෙරොෂාගේ ප්‍රතිචාරය එය විය.
Wednesday, June 18, 2014
අලුත්ගම මොකද වුණේ?
අලුත්ගම
හා ධර්ගා ප්‍රදේශවල ඉකුත් ජුනි 15 වැනි ඉරු දින සන්ධ්‍යා භාගයේ ඇති වූ
අර්බුදකාරී ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් නොයෙක් මාධ්‍ය වාර්තා, කටකථා සහ
ආරංචි මාර්ග පැතිරෙමින් පවතී. පළමු ව කිව යුතු වන්නේ උද්ගත වූ එම තත්ත්වය කිසි
සේත් ම හදිසියේ උද්ගත වූ එකක් නො වන බව යි. කාලාන්තරයක් තිස්සේ
ගොඩනැගෙමින් තිබූ සිද්ධි දාමයක තවත් එක් ප්‍රතිඵලයකි. නමුත්, මේ අවසාන
ප්‍රතිඵලය ය ද යන්න සැක සහිත ය.
මෙරට ජාතිකත්වය හෙවත් සිංහලත්වයට
එරෙහි ඉස්ලාමීය ජිහාඩයේ කෙණෙහිලිකම්වලට දැනට කාලාන්තරයක පටන් මෙම ප්‍රදේශවල
සිංහල ජනයා ගොදුරු වූ වාර අනන්ත ය; අප්‍රමාණ ය. එහි ආසන්න ම සිද්ධිය
වාර්තා වූයේ ගෙවී ගිය පොසොන් පුර පසළොස්වක් පොහෝ දින අලුත්ගම නගරයේ
ධර්මදේශනාවක් සඳහා වඩිමින් සිටි කුරුඳුවත්ත ශ්‍රී විජයාරාම විහාරාධිපති
පූජ්‍ය අයගම සමිත හිමියන්ට මුස්ලිම් අන්තවාදීන් පිරිසක් විසින් ධර්ගා නගර
මධ්‍යයේ දී සිදු කළ පහරදීමක් සම්බන්ධයෙනි.
Sunday, May 25, 2014
ලාහුගල මගුල් මහා විහාරයයේ පුරාවස්තු මංකොල්ල කති. රජයෙන්ද පුරාවිද්‍යාවෙන්ද ගොලුවන් බිහිරන් සේ බලා සිටිති.
මේ පුදබිම් ආරක්ෂා කරන්නට අද එහි ඉතිරිව සිටින ස්වාමින් වහන්සේලා කරන්නේ දැඩි දුෂ්කර ක්‍රියාවකි.
ඓතිහාසික වටිනාකමින් අනූන ලාහුගල මගුල් මහා විහාරයටද අත්ව ඇති ඉරණම මෙයමය.
ලාහුගල මගුල් මහා විහාරය ගැන විස්තර - http://seuslsla.blogspot.com/
විහාරස්ථානය ගරා වැටී ගොසිනි. නිදන් හොරු වරින් වර එහි ඇති පුරාවස්තු මංකොල්ල කති. රජයෙන්ද පුරාවිද්‍යාවෙන්ද ගොලුවන් බිහිරන් සේ බලා සිටිති. මේ පන්සල් රකින්නට ඒ අවට සිංහල බෞද්ධයෝද නැත.
ඒ නිසා ලාහුගල මගුල් මහා විහාරයේද භික්ෂුන් වහන්සේ මේ විහාරය රැක ගන්නේ මහත් පරිශ්‍රමයක් දරමිනි.



