Total Pageviews

Friday, March 1, 2024

Discover Seamless Torrenting with Seedr: Your Ultimate Cloud Torrent Downloader

 In today's digital age, accessing and sharing content through torrents has become increasingly common. However, traditional torrent clients often come with risks and limitations. This is where Seedr (https://www.seedr.cc/) steps in as a game-changer in the world of torrenting.

Seedr is a revolutionary cloud torrent downloader that offers a secure, fast, and hassle-free way to download and stream torrents directly to your device. With Seedr, you can kiss goodbye to the need for installing bulky torrent clients and the risk of exposing your IP address.

One of Seedr's standout features is its user-friendly interface, which makes torrenting accessible to users of all experience levels. Additionally, Seedr's high-speed servers ensure lightning-fast download speeds, allowing you to get your content quickly and efficiently.

Moreover, Seedr prioritizes user privacy and security by offering end-to-end encryption and anonymous downloading, keeping your online activities private and secure.

Whether you're a seasoned torrent enthusiast or a newcomer to the world of torrenting, Seedr provides the ultimate solution for seamless and worry-free torrent downloads. Try Seedr today and experience the future of torrenting!

Wednesday, March 16, 2016

Auto වාහනයක් එලවන ඔබ අනිවාර්යෙන් දැනගතයුතු දේවල්

  
 Auto gear වාහන දැන් කොච්චර තිබෙනවද කියනවනම් ඇතැම්විට manual වහනයක් හරියාකාරව clutch balance කරලා එලවන්න පුළුවන් කෙනෙක් හොයාගන්න එකත් සැහෙන්න  අමාරු දෙයක්. මොකද දැන් auto gear වාහන ඒ තරමට ජනප්‍රියයි, සමහරුන් manual එකක් එලවල තියෙන්නේ රියදුරු බලපත්‍රය ගන්න විතරයි. ඒ කොහොම උනත් තාක්ෂණයක් එක්ක ඉස්සහරට යද්දී තව ටික කාලෙකින් clutch එක ඉවත්වෙලා යන එක අනිවාර්යෙන් සිද්ධවෙන දෙයක්. ඒ tiptronic, හා pedal shifters වල ජනප්‍රියතාවයත් එක්ක. නමුත් කොළඹ වැනි වාහන තදබදය අධික ස්ථානයකටනම් තෙල් වැඩකිරීම අඩු උනත් හරියන්නේ auto gear වහනයක් තමයි. මොකද නැතිනම් හොද traffic එකක manual gear වහනයක් එක්ක හිරවුනාම ගෙදර ඇවිත් වම්කකුලේ තෙල් ගාගන්න වෙනවනේ. හරි කොහොම උනත් auto gear වාහන එලවන පුද්ගලයින් අනිවාර්යෙන්ම දැනගතයුතු කරුණු කිහිපයක් පිළිබඳව දැනුවත් කරන්න හිතුවා. ඔබ මේ දේවල් පුරුද්දක් විදිහට කරනවානම් අනිවාර්යෙන් එක අත්හරින්න මොකද වාහනයට එක හොඳ නැහැ

Thursday, October 8, 2015

ලංකාවට ෙගන්වන වාහන වල අැත්ත කතාව...


"ජපානයේ සිට ලියමි Auction මගඩිය "
අද ඔබට කියාදෙන්න යන්නේ ජපානයෙන් ලංකාවට ගෙනයන වාහන වල ඇත්ත කතාව. ඇත්තටම මේකට මගපෑදුනු විදියත් කියලම පටන් ගන්නමි.
මම ලංකාවේදී ගොඩක් රස්සාවල් කලා. කරලා ලක්ෂ දහයක් පහළොවක් එකතුකරගත්තා. ඉතින් අනිත් හැමෝටම වගේ වාහනයක් ගන්න හීනය මටත් තිබුණා. මමත් යාලූවෙක් හොයාගෙන වාහන ගන්නා ඇවිද්දා. එහෙම ඇවිදිද්දී මට තේරුණා, ලක්ෂ පහලොවකින් මට වාහනයක් කියන්න වාහනයක්නම් ලංකාවේදී ගන්න ලැඛෙන්නැති බව. ඔය අතරේ තමා ඔය මුදලින්වියදම් කරලා ජපානයට එන්න පොටක් පාදාගත්තේ, ඉතින් මෙහේ ආවයින් පස්සේ ඔය යටපත්වෙලා තිබුණු වාහන ආසාව ආයෙත් මතුවුණා. ඉතින් නිවාඩු පාඩු වෙලාවට කලේ යාළුවෙක් අල්ලගෙන වාහන බලන්න පාර තොටේ ඇවිදපු එක. මට ලක්ෂ දහයකින් ජපානෙන් ගන්න පුළුවන් වාහන දැකලා මවිතයට පත්වුණා. මම ඉස්සර ලංකාවේ ඉද්දී හිතාගෙන හිටියේ ලංකාවේ බදු නිසා වාහන මිල වැඩියි කියලා. නමුත් ඒක නොවන වෙත් කතාවකුත් මෙතන තියනවා කියලා ජපානයේ කරක් ගහද්දී අවබෝධ වුණා. හරියටම දැනගන්නකම් ලිපිය ලියුවේ නැහැ. දැන් ඇවිල්ලා කාලයක් නිසා ගොඩක් විස්තර දන්නවා. ඔයාලා ඔක්කොගෙම දැනගැනීමට ඉදිරිපත් කරන්නමි.

Thursday, June 19, 2014

පිලිකා පිලිබඳව නවතම තොරතුරු කියවන්න....


01- සෑම පුද්ගලයෙකුගේම ශරීරය තුල පිලිකා සයිල පවතී. නමුත් ඒවා බිලියන කිහිපයක් දැක්වා වර්ධනය වනතුරු කිසිදු පරික්ෂාවකට හඳුනා ගත නොහැක.

02- පිලිකා සයිල මිනිසෙකුගේ ජීවිත කාලය තුලදී 06 සිට 10 වරක් දක්වා හටගනී.

03-මිනිසෙකුගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත්ව තිබෙන කාලය තුලදී වරින් වර ඇතිවන මෙම සයිල විනාශ කරමින් වර්ධක/ඉදිමුම් තත්වයක් ඇතිවීම වලක්වනු ලැබේ.

04-පුද්ගලයෙක් පිලිකා තත්වයකට ගොදුරුවූ විට විවිධ පෝෂණ උණතා මතු කරනු ලැබේ. මෙය ජානමය/පරිසරිකමය /ආහාර රටාව සහ ජිවන රටාව අනුව තීරණයවේ.

තුන් ලොවක් කැළඹූ මුස්ලිම්වරුන්ගේ නාලන්දා භික්‍ෂූ සංහාරය...


               ක්‍රි.ව 1193 ඉක්තියාර් උද්දීන් මුහම්මද් බින් බක්තියාර් නොහොත් ෆේරෝ ෂා, තම පර්සියානු ධවල අසුපිට නැගුනේ සිය ඡත්‍රයේ ලෝහාවෙෂයෙන් තුන්ලොවක් නිවන් තොටිල්ලේ නැලවූ, ශාන්ති වාදයක් පෝරුගා දමන බවට සපත කරවමිනි. 40000ත් 60000ත් අතර වෙතැයි ගණන් බලා තිබූ මොහුගේ අශ්වාරෝහක සේනාවෝද, තුර්කි, පර්සි මිෂ්‍ර සම්බවත්ව, 200000ක පමන, රිය, පාබල ධනුද්දර සේනාවෝද අස්තාවර ප්‍රාදේෂීය නායකයන් වෙතින් ආ දුර්වල, ප්‍රතිරෝධය තලා දමමින්, කුර පහරින් නැගුනු ධූලි වලා මැද, ජම්ඹුද්වීපයට ඇතුල් වූහ. බිහාරයෙන් ඇරඹි භාරතයේ නගරයෙන් නගරය ඔවුන්ගේ පාසඟල හමුවේ වැටුනේ විදුලි වේගයෙනි. එය හිරු සඳු මෙතෙක් නොදුටු තරමේ සංහාරයක් විය.

ෆෙරෝස්ගේ අසිපත කදින් වෙන්කළ හිස්ගෙඩි රහිත මළකඳන් තවමත් පන ගැහෙද්දී නාලන්දාව ඔවුහූ වටකරගත්තේය. නාලන්දා බොදු සරසවියට පිවිසි ෆෙරොෂා, එහි එවකට මහා සංඟ නායක වූ ශාක්‍යභද්‍ර මහ තෙරුන් වහන්සේ පනවා, "මෙහි අල් කුරානයේ එක් පිතපතක්වත් ඇත්දැයි" විමසුවේය. ඉතා සන්සුන්ව මේ සැහසියාට පිළිතුරුදුන් සංඟ නායකයානෝ "හිතවත මෙහි එවැන්නක් නැත" කී බව ඉතිහාසයේ සඳහන් වේ. "එසේ නම් මේ ස්ථානය විශ්වාස නොකරන ජඩයන්ගේ ස්ථානයක් බැවින් මිහිමත නොතිබියයුත්තකි". ෆෙරොෂාගේ ප්‍රතිචාරය එය විය.

Wednesday, June 18, 2014

අලුත්ගම මොකද වුණේ?


අලුත්ගම හා ධර්ගා ප්‍රදේශවල ඉකුත් ජුනි 15 වැනි ඉරු දින සන්ධ්‍යා භාගයේ ඇති වූ අර්බුදකාරී ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් නොයෙක් මාධ්‍ය වාර්තා, කටකථා සහ ආරංචි මාර්ග පැතිරෙමින් පවතී. පළමු ව කිව යුතු වන්නේ උද්ගත වූ එම තත්ත්වය කිසි සේත් ම හදිසියේ උද්ගත වූ එකක් නො වන බව යි. කාලාන්තරයක් තිස්සේ ගොඩනැගෙමින් තිබූ සිද්ධි දාමයක තවත් එක් ප්‍රතිඵලයකි. නමුත්, මේ අවසාන ප්‍රතිඵලය ය ද යන්න සැක සහිත ය.

මෙරට ජාතිකත්වය හෙවත් සිංහලත්වයට එරෙහි ඉස්ලාමීය ජිහාඩයේ කෙණෙහිලිකම්වලට දැනට කාලාන්තරයක පටන් මෙම ප්‍රදේශවල සිංහල ජනයා ගොදුරු වූ වාර අනන්ත ය; අප්‍රමාණ ය. එහි ආසන්න ම සිද්ධිය වාර්තා වූයේ ගෙවී ගිය පොසොන් පුර පසළොස්වක් පොහෝ දින අලුත්ගම නගරයේ ධර්මදේශනාවක් සඳහා වඩිමින් සිටි කුරුඳුවත්ත ශ්‍රී විජයාරාම විහාරාධිපති පූජ්‍ය අයගම සමිත හිමියන්ට මුස්ලිම් අන්තවාදීන් පිරිසක් විසින් ධර්ගා නගර මධ්‍යයේ දී සිදු කළ පහරදීමක් සම්බන්ධයෙනි.

Sunday, May 25, 2014

ලාහුගල මගුල් මහා විහාරයයේ පුරාවස්තු මංකොල්ල කති. රජයෙන්ද පුරාවිද්‍යාවෙන්ද ගොලුවන් බිහිරන් සේ බලා සිටිති.

නැගෙනහිර අපේ බෞද්ධ පුදබිම් වලට මේ වන විට ලබා ඇත්තේ හෙනහුරුගේ දශාවය. සිංහල බෞද්ධයින් නැත. රජයෙන් මේ පුදබිම් විහාරස්ථාන රකින්නේද නැත.
මේ පුදබිම් ආරක්ෂා කරන්නට අද එහි ඉතිරිව සිටින ස්වාමින් වහන්සේලා කරන්නේ දැඩි දුෂ්කර ක්‍රියාවකි.

ඓතිහාසික වටිනාකමින් අනූන ලාහුගල මගුල් මහා විහාරයටද අත්ව ඇති ඉරණම මෙයමය.
ලාහුගල මගුල් මහා විහාරය ගැන විස්තර - http://seuslsla.blogspot.com/2012/05/our-heritage.html

විහාරස්ථානය ගරා වැටී ගොසිනි. නිදන් හොරු වරින් වර එහි ඇති පුරාවස්තු මංකොල්ල කති. රජයෙන්ද පුරාවිද්‍යාවෙන්ද ගොලුවන් බිහිරන් සේ බලා සිටිති. මේ පන්සල් රකින්නට ඒ අවට සිංහල බෞද්ධයෝද නැත.
ඒ නිසා ලාහුගල මගුල් මහා විහාරයේද භික්ෂුන් වහන්සේ මේ විහාරය රැක ගන්නේ මහත් පරිශ්‍රමයක් දරමිනි.