Total Pageviews

Sunday, May 25, 2014

ලාහුගල මගුල් මහා විහාරයයේ පුරාවස්තු මංකොල්ල කති. රජයෙන්ද පුරාවිද්‍යාවෙන්ද ගොලුවන් බිහිරන් සේ බලා සිටිති.

නැගෙනහිර අපේ බෞද්ධ පුදබිම් වලට මේ වන විට ලබා ඇත්තේ හෙනහුරුගේ දශාවය. සිංහල බෞද්ධයින් නැත. රජයෙන් මේ පුදබිම් විහාරස්ථාන රකින්නේද නැත.
මේ පුදබිම් ආරක්ෂා කරන්නට අද එහි ඉතිරිව සිටින ස්වාමින් වහන්සේලා කරන්නේ දැඩි දුෂ්කර ක්‍රියාවකි.

ඓතිහාසික වටිනාකමින් අනූන ලාහුගල මගුල් මහා විහාරයටද අත්ව ඇති ඉරණම මෙයමය.
ලාහුගල මගුල් මහා විහාරය ගැන විස්තර - http://seuslsla.blogspot.com/2012/05/our-heritage.html

විහාරස්ථානය ගරා වැටී ගොසිනි. නිදන් හොරු වරින් වර එහි ඇති පුරාවස්තු මංකොල්ල කති. රජයෙන්ද පුරාවිද්‍යාවෙන්ද ගොලුවන් බිහිරන් සේ බලා සිටිති. මේ පන්සල් රකින්නට ඒ අවට සිංහල බෞද්ධයෝද නැත.
ඒ නිසා ලාහුගල මගුල් මහා විහාරයේද භික්ෂුන් වහන්සේ මේ විහාරය රැක ගන්නේ මහත් පරිශ්‍රමයක් දරමිනි.


එළඹෙන ජූනි මස දෙවැනිදා මගුල් මහා විහාරයේ කොත් පලන්දවන්නට නියමිතය. එහෙත් ඒ කටයුතු කරගන්නට එහි වැඩ වෙසෙනා ස්වාමින් වහන්සේලාට හැකියාවක් නැත.
අහල පහලක සිංහල පුළුටක් නැති විහාරයට දානය ලැබෙන්නේද දුෂ්කර ලෙසිනි. ඒ තත්වය යටතේ කොත් පැලදවීමේ උත්සවයක් සිදු කිරීම දුෂ්කරය.

කෙසේ වතුදු උන් වහන්සේලා මේ පුදබිම අන්‍යාගමිකයින්ට අයත් වෙන්නට නොදී රැකගන්නට දරනා අති දුෂ්කර ව්‍යායාමයම අපේ සම්භාවනාවට පාත්‍ර විය යුතුය.

අවට ගම්මානයේ වසන සිංහල පවුල් කීපයද දුප්පත්ය. අසරණය. මේ සිංහලයින්ටද කිසිවෙකුගෙන් කිසිදු පිහිටක් නොමැත.

මේ අවධිය සිංහලයින් වෙනුවෙන් බෞද්ධ උරුමයන් වෙනුවෙන් බහුතරය හඩ නගන අවධියකි.

සිංහල ජාතියට හිතැති බෞද්ධ උරුමය රැක ගන්නට උනන්දු වෙන සිංහලයින් අප අතර සිටිනා බව අපි දනිමු. ඒ සියළු සිංහල ජනතාව සහයෝගයෙන් අත්වැල් බැද ගන්නේ නම් මේ විහාරස්ථාන රැක ගැනීම අපට අසිරු නැත.
මේ ආරාධනය එවන් දෑ හිතකාමී සිංහලයන්ටය

මගුල් මහා විහාරය රැක ගන්නට ඔබට අත දිය හැකිය.

0718400708 අංකයෙන් ඔබට ලාහුගල මගුල් මහා විහාරයේ විහාරාධිපති හිමියන් ඇමතිය හැකිය.
මේ මහගු පුන්‍යකර්මයට ඔබ පසුබට වෙන්නේ නැති බව අපි දනිමු.

අපගේ පිටුවට පැමිණ Like කර අපිව සවිමත් කරවන්න - https://www.facebook.com/CharaPurusha

No comments:

Post a Comment